වර්තමානය තුළ මෙරට ඇදුම රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.

ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආශා සමරනායක පවසන්නේ ලොව පුරා පුද්ගලයින් ලක්ෂයකගෙන් පුද්ගලයින් 3,340 දෙනෙකුට ඇදුම රෝගය පවතින බවයි.

ලොව පුරා නව යෞවන වියේ පසුවන තරුණ පිරිස් අතර ඇදුම රෝගය බහුලව පවතින බවයි වාර්තා වන්නේ.

ඇය බව කියා සිටියේ එළැඹෙන 6 වනදාට යෙදෙන ලෝක ඇදුම දිනය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය සමන්මලී දල්පතාදු සඳහන් කළේ ” ඉන්හේලර් ” ප්‍රතිකාරය මගින් අතුරු ආබාධවලින් තොරව ඇදුම රෝගය ඉතා හොඳින් සුවපත් කර ගැනීමේ හැකියාව පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *