පාකිස්ථානය හිමිකාරිත්වය දරණ සහ පාකිස්ථාන පාලනය යටතේ ඇති සියලුම ගුවන්යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමට ඉන්දියානු රජය තීරණය කර තිබෙනවා.

ඒ දෙරටේ ගැටුම්කාරී තත්ත්වය යළි දරුණු වී ඇති පසුබිමකයි.

පසුගියදා ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හිදී පකිස්ථානයට සම්බන්ධ ත්‍රස්තවාදීන් පිරිසක් විසින් කළ වෙඩි තැබීමකින් සංචාරකයින් 26 දෙනෙක් මිය ගියා.

ඊට ප්‍රතිචාර ලෙස ඉන්දියාව මෙම පියවර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කෙසේ වෙතත් පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දියානු හිමිකාරිත්වය දරණ සහ ඉන්දියානු පාලනය යටතේ ඇති සියලුම ගුවන්යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමට පාකිස්ථාන රජය විසින් පියවර ගෙන ඇති බවයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *