පසුගිය කාලයේ සිදු වූ මහා පරිමාණ වංචා හා දූෂණ සිද්ධි 15ක් සම්බන්ධයෙන් නුදුරේදීම අධි චෝදනා ගොනු කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවසනවා.
එම කොමිසම සඳහන් කළේ පසුගිය කාලයේ විමර්ශනය නොකළ පැමිණිලි අතර තිබූ ලිපි ගොනු පරික්ෂා කිරීමෙන් අනතුරුව කළ විමර්ශන පාදක කර ගනිමින් මෙම අධි චෝදනා ගොනු කරන බවයි.
එම පැමිණිලි සම්බන්ධයෙන් ඉතා සංකීර්ණ විමර්ශන මෙහෙය වීමට සිදුව ඇති බවද කොමිසම පැවසුවා.
පසුගිය කාලයේ අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිලි අතරින් 300ක විමර්ශන මේ වන විට ආරම්භ කර තිබෙනවා.
පැවති ආණ්ඩු සමයේ සිටි මැති ඇමතිවරුන් මෙන්ම දේශපාලන හිතවාදීන් රැසක් මෙම දූෂණ චෝදනාවන්ට සම්බන්ධ බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ප්‍රකාශ කළා.
(rednewsalert.lk)