ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයන් 71 දෙනෙක් මේ වන විට දිවයිනට පැමිණ තිබෙනවා.
ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ඉන් 43 දෙනෙක් යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින් බවයි.
එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයන් 22 දෙදෙනෙක් ද මේ වන විට දිවයිනට පැමිණ සිටිනවා.
ඇන්ෆ්‍රෙල් සංවිධානයෙන් පැමිණ ඇති නිරීක්ෂකයන් සංඛ්‍යාව 06ක් ලෙසයි වාර්තා වන්නේ.
ඊට අමතරව යුරෝපා සංගම් නිරීක්ෂකයින් 34 දෙනෙක් සහ ඇන්ෆ්‍රෙල් සංවිධානයේ 3 දෙනෙක් ඉදිරියේදී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
අසල්වැසි රටවල නියෝජිතයින් 7 දෙනෙක්ද මෙවර මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලිය සඳහා එක් වී තිබෙන බවයි වාර්තා වන්නේ.
දිවයිනට පැමිණ සිටින නිරීක්ෂණ කණ්ඩායම් මැතිවරණ දිස්ත්‍රික්ක 22ම නියෝජනය වන පරිදි පූර්ව නිරීක්ෂණ ක්‍රියාවලිය ආරම්භ කර තිබෙන බව ජාතික මැතිවරණ කොමිසම පවසනවා.