ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට තෝරා පත් ගත් සාමාජිකයින් 31දෙනා අතරට ශ්‍රී ලංකාවද එක් වී තිබෙනවා.
ඒ සඳහා ආසියා පැසිෆික් කණ්ඩායමෙන් ආසනයක් සඳහා තරග කළ ශ්‍රී ලංකාව ඡන්ද 177ක් ලබා ගත් බවයි වාර්තා වන්නේ.
ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ආසියා පැසිෆික් සමූහයෙන් තේරී පත්වූ අනෙකුත් සාමාජික රටවල් මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව, වියට්නාමය, චීනය, ජපානය සහ කොරියානු ජනරජය වනවා.
ශ්‍රී ලංකාව 2025 ජනවාරි මාසයේ සිට වසර හයක කාලයක් එහි සේවය කිරීමට නියමිතයි.