ජනාධිපති අනුර කුමාර දිසානායක අද වියට්නාමයේ හෝ චි මින් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින උළෙලට එක් වනවා.

එහි ප්‍රධාන ආරාධිත දේශනය පවත්වන්නේ ද, ජනාධිපතිවරයා විසින්.

තුන් දින රාජ්‍ය සංචාරයක් සදහා ජනාධිපතිවරයා පසුගිය 3වනදා පස්වරුවේ වියට්නාමය බලා පිටත්ව ගියා.

එහිදී වියට්නාම ජනාධිපතිවරයා සමඟ හමුව පැවැත්වුණේ ඊයේ පස්වරුවේයි.

ඊට අමතරව එරට කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන ලේකම් ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු පාර්ශ්ව රැසක් සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා කර තිබෙන අතර වියට්නාම සංචාරය අවසන් කරමින් ජනාධිපතිවරයා අද දිවයිනට පැමිණීමට නියමිතයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *