ඇමරිකාව හෝ ඊශ්‍රායලය න්‍යෂ්ටික ගැටලු මුවාවෙන් ඉරානයට පහර දෙන්නේ නම්, න්‍යෂ්ටික අවි සංවර්ධනයට පියවර ගන්නා බව ඉරානය පවසනවා.
එරට නිල ප්‍රවෘත්ති ඒජන්සිය වන IRNA වාර්තා කර ඇත්තේ ඉරානයේ උත්තරීතර නායකයාගේ උපදේශකයකු වන Ali Larijani එම අනතුරු ඇඟවීම සිදු කළ බවයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායලය විසින් මෑතකදී කරන ලද ටෙහෙරාන් විරෝධී තර්ජනවලට ප්‍රතිචාර වශයෙන් උපදේශකවරයා ප්‍රකාශ කර තිබෙනවා.
අල් කමේනි නායකයාගේ ආගමික නියෝගයක් යටතේ ඉරානයට න්‍යෂ්ටික අවි භාවිතය තහනම් කර ඇති අතර කෙසේ වෙතත් ඇමරිකාව කිසියම් වරදක් කරන්නේ නම් ඉරාන ජනතාවගේ පීඩනයන් හමුවේ ඒ පිළිබඳ සිතා බැලීමට ඉරානය පසුබට නොවන බව ඔහු සඳහන් කළා.