ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගාසා තීරයේ පලස්තීනුවන්ට එල්ල කරන ප්‍රහාර මුල්කර ගනිමින් ඔහුට මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බවයි.
මේ අතර ඊශ්‍රායල හිටපු ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ටද යුද අපරාධ සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.