ඊශ්‍රායලයේ ටෙල්අවිව් අගනුවරට ආසන්න ප්‍රදේශයක දී බස් රථ තුනක පිපිරීම් සිදුවී තිබෙනවා.

බස් රථ තුනෙහි සිදුවූ පිපිරීම් ත්‍රස්ත ප්‍රහාරයන් බවටයි සඳහන් වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

ටෙල්අවිව් අගනුවරට ආසන්න බට්යම් ප්‍රදේශයේ දී මෙම බස් රථ පිපිරීමට ලක්ව තිබෙනවා.

තවත් බස් රථ දෙකක මෙලෙස අටවා තිබු පුපුරන ද්‍රව්‍ය පිපිරීමට ලක්ව නැතිබව පොලීසිය සඳහන් කළා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර සෝදිසි මෙහෙයුම් කටයුතු සඳහා සිය ගණනක පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව සිටින බවයි.

මේ අතර පිපිරීම් හේතුවෙන් ඊශ්‍රායලයේ අනෙකුත් පොදු ප්‍රවාහන සේවා තාවකාලිකව නවතා දැමීමට ප්‍රවාහන අමාත්‍යවරයා නියෝග කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *