දකුණු ගාසා තීරයේ වෛද්‍ය වෘත්තිකයන් ඇතුළු හදිසි සේවකයන් පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධව ඊශ්‍රායලය සිය වරද පිළිගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරය සම්බන්ධව සිය සොල්දාදුවන් වැරදි සිදුකර ඇතැයි ඊශ්‍රායල හමුදාව පිළිගත් බවයි.
පලස්තීන රතු අඩසඳ සංගමයට අයත් ගිලන් රථ පෙළකට පසුගිය 23වනදා දකුණු ගාසා තීරයේදී මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.
එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බවයි වාර්තා වන්නේ.