සියලු වෘත්තිකයන්ගේ ගැටලු පිළිබඳව රජයට මනා අවබෝධයක් ඇති බවත්, ඒ පිළිබඳ සංවේදීව කටයුතු කරමින් සියලු දෙනාගේ අයිතීන් සුරක්ෂිත කිරීමට රජය කැප වී සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) සමඟ පැවති හමුවකදීයි.