ශ්‍රී ලංකාවේ ජනිත් ලක්ෂාන් මෙවර ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ වයස අවුරුදු 18න් පහළ තුන්පිම්ම බාලක ඉසව්වේ රිදී පදක්කම දිනා ගෙන තිබෙනවා.

මීටර 15යි දශම 1යි 0ක් ඔහු එහිදී ප්‍රදර්ශනය කළා.

එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ මීටර 15යි දශම 5යි 3ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ චීනයේ දොං සියුඈන්.

චීනයේම මා බෝයු ලෝකඩ පදක්කම දිනා ගත්තේ , මීටර 14යි දශම 9යි 7ක් දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමිනි.

මෙවර 6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය පැවැත්වෙන්නේ සෞදි අරාබියේ සත්කාරකත්වයෙන්.

එය ලබන 19වනදා දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් 19 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්වී සිටිනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *