පසුගිය 22වැනිදා සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායේ ‘MURASAME’ නෞකාව,සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව ඊයේ (25) දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කළ බවයි වාර්තා වුණේ.
මෙම සංචාරයේදී, නෞකාවේ අණදෙන නිලධාරී සහබටහිර නාවික විධානයේ ආඥාපති අතර නිල හමුවක් එම විධාන මූලස්ථානයේදීපැවැත්වුණු අතර,‘MURASAME’ නෞකාවදිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ එහි නැව් මුළුවකොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහාද සහභාගී වී තිබෙනවා.