ඉදිරියේදී ජපානයට ප්‍රබල භූකම්පනයක් ඇති වීමේ ප්‍රවණතාවයක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම භූකම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 8ත් 9ත් අතර අගයක් ගත හැකි බවයි වාර්තා වන්නේ.
එරට මාධ්‍ය වාර්තා කළේ එම භූකම්පනයෙන් ජීවිත 300,000ක් පමණ අහිමිවිය හැකි බවයි.
භූකම්පනය ඇති වුවහොත් ජපානයට සූනාමි තත්ත්වයක්ද ඇති විය හැකි බවත් ගොඩනැගිලි සිය ගණනක් විනාශ විය හැකි බවයි එරට මාධ්‍ය වාර්තා කළා.
භූකම්පනය හේතුවෙන් ජපානයේ ආර්ථිකයට ඩොලර් ට්‍රිලියන 1.81ක් පමණ අහිමි විය හැකි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.