ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස ගාමිණී වික්‍රමපාල පත්කර තිබෙනවා.

ඊට අදාළ පත්වීම් ලිපිය අද (21) ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේදී තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් භාරදුන් බවයි වාර්තා වන්නේ.

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙසත් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණ අධිකාරියේ සභාපති ලෙසත් ඔහු මීට පෙර කටයුතු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *