නුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කාර් රථයක් තුරුපැදියක ගැටී අනතුරුව යතුරුපැදිය මාර්ගයේ ඇදී ගොස් පදික කාන්තාවකගේද ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ රන්මුතුගල ප්‍රදේශයේදීයි.
පොලීසිය සඳහන් කළේ බලපතල තුවාල ලබා සිටි කාන්තාව සහ යතුරුපැදිකරු රාගම රෝහලට ඇතුළත් කිරීමේදී යතුරුපැදිකරු මියගොස් ඇති බවයි.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 63ක් වන කිරිල්ලවල, කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව කඩවත පොලීසිය සඳහන් කළා.