හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් වූ නිශාන්ත බණ්ඩාර බස්නායක රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

ඒ ජුනි 03වනදා දක්වායි.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට පුද්ගලයන් 15ක් නාමිකව ඇතුළත් කර රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් උපයා ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියට අදාළව ඔහුව ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී හමුවට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුව ලබන 03වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *