ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියක් වන කමල් අමරසිංහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට අදළා යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට එලෙස අනුමත කර ඇත්තේ අමාත්‍ය මණ්ඩලය විසිනුයි.
කමල් අමරසිංහ දැනට වයඹ පළාත් සභාවේ මාර්ග, ප්‍රවාහන, නිවාස හා ඉදිකිරීම් කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් සේවය කරනු ලබනවා.
දැනට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන නිශාන්ත අනුරුද්ධ වීරසිංහ රාජ්‍ය සේවයේ වෙනත් ක්ෂේත්‍රයක තනතුරක සේවය කිරීමට හැකි වන පරිදි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරේ රාජකාරිවලින් තමා මුදා හරින ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව, ඔහු වෙනත් සුදුසු තනතුරකට පත් කිරීමට හැකි වන පරිදි වහාම ක්‍රියාත්මක වන අයුරින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙත අනුයුක්ත කර තිබෙනවා.
(rednewsalert.lk)