වර්තමානයේ තරුණ කාන්තාවන්ගේ දුම්පානය කිරීමේ ප්‍රතිශතය පිරිමි පාර්ශවයේ දුම්පානය කිරීමේ ප්‍රතිශතයට වඩා වැඩි බව විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දගොඩ ප්‍රකාශ කළා.

ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ සමීක්ෂණ වාර්තා වලට අනුව පිරිමි පාර්ශවේ දුම්පානය අඩු වෙන අතර කාන්තාවන්ගේ දුම්පානය කිරීමේ ප්‍රතිශතය තව දුරටත් ඉහළයා හැකි බවයි.

එමෙන්ම මෙම හේතුව නිසා තරුණ කාන්තාවන් පෙනහළු පිළිකාවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව ඔහු ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *