පාකිස්තානයේ සින්ද් ප්‍රාන්තයේ අගනුවර ලෙස සැලකෙන කරච්චි නගරයේ දිනෙන් දින වීදි අපරාධ ඉහළ යෑමෙන් අපරාධ වසංගත තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ටයිම්ස් ඔෆ් කරච්චි පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේ මෝටර් රථ, යතුරුපැදි හා ජංගම දුරකතන සොරාගැනීම් සහ නිවාස බිඳීම් ඇතුළු විවිධ අපරාධ හේතුවෙන් නගරයේ ජන ජීවිතය ව්‍යාකූලත්වයට පත්වී ඇති බවයි.

මේ වසරේ පළමු මාස 2 ඇතුළත පමණක් නගරයේ වීදි අපරාධ 10,356ක් සිදුවී ඇතැයි ද, ඉන් වැඩි අපරාධ සංඛ්‍යාවක් විසඳීමට පොලීසිය අසමත් වී ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *