තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඊයේ (16) ක්‍රීඩා අමාත්‍යාංශයට කැඳවා තිබෙනවා.
ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන්.
එහිදී ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය පහසුකම් සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වෙන්කර ඇති ක්‍රීඩාංගණ වඩාත් තිරසාර ලෙස වැඩිදියුණු කළ යුතු ආකාරය පිළිබඳව හා සංචාරක ප්‍රවර්ධනය උදෙසා ක්‍රිකට් ක්‍රීඩාව යොදා ගත හැකි ආකාරය පිළිබඳවද එහිදී සාකච්ඡා කර තිබෙනවා.