කින්නියා, කුරින්චකර්නි පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.
මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10.5ක මුදලක් වෙන් කර ඇති බවයි.
කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයන් ලක්ෂයකට පමණ එමඟින් ගමනාගමන සහ ව්‍යාපාර කටයුතු පහසුකම් සැලසෙන බවත් වැඩිදුරටත් කියා සිටියා.
එමෙන්ම පේරාදෙණිය, බදුල්ල චෙංකලඩි මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ඉතිරි මුදල් මේ සඳහා යෙදවීමටද නියමිතයි.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ සෞදි සංවර්ධන අරමුදලේ අධ්‍යක්ෂ අබ් මොසෙන් විසින් ඊට අදාළ සංශෝධත ගිවිසුම අත්සන් තැබීම සිදුකර තිබෙනවා.