ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 3ක් අද (27) අලුයම සිට විවෘත කර තිබෙනවා.

නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය සඳහන් කළේ නුවරඑළිය සහ ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික වැඩි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන බවයි.

ඒ අනුව ජලාශ වේල්ලට පහළින් කොත්මලේ ඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස ආපදා කලමණාකරණ ඒකකයේ ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *