කොළඹ කොටස් වෙළඳපොළේ අද (13) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 169.53කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 14,206.34ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.
මෙය වාර්තා වුණේ මෙතෙක් ඉතිහාසයේ එම මිල දර්ශකය වාර්තා කළ ඉහළම අගය ලෙසයි.
මේ අතර අද දිනයේ සමස්ත වෙළඳපොළ පිරිවැය රුපියල් බිලියන 6.1ක් ලෙස සටහන් වී තිබෙනවා.