දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තවදුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 9කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය සහ වරකාපොල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති බවයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, ඉඹුල්පේ සහ ඕපනායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව සහ නාරම්මල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ අනතරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බවයි.
මෙම නිවේදනය අද (19) රාත්‍රී 9.30 දක්වා බලපැවැත්වෙන බවයි වාර්තා වන්නේ.