පවතින අධික වර්ෂාපතනය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විමසිලිමත් බවින් සිටින ලෙසට අදාල අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ ඉංගිරිය, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කොරලය, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, දෙහිඕවිට සහ වරකාපොල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කිරිඇල්ල සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙතයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (18) පෙරවරු 10.00 සිට හෙට (19) පෙරවරු 10.00 දක්වා ක්‍රියාත්මක වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *