හබරණ – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේදී අධිබලැති C4 නමැති පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 156.07ක් රැගෙන ගිය ලොරී රථයක් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව පොලීසිය විසින්ය.

පොලීසිය සඳහන් කළේ අදාළ වෙඩි බෙහෙත් තොගය ප්‍රවාහනය කළ 59 හැවිරිදි ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගත් අතර එම වෙඩි බෙහෙත් අධිබලැති පුපුරණ ද්‍රව්‍යක් වන හෙයින් ප්‍රවාහනය සපුරා තහනම් වන බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ එම ලොරි රථය අද (30) බකමූණ සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *