බගවන්තලාව මාඑළිය අධි රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් හය දෙනා වයස අවුරුදු 20ත් 44ත් අතර වයස්වල පසුවන බවයි සඳහන් වන්නේ.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන බගවන්තලාව පොලිසිය විසින් සිදු කරන බව සඳහන්.
(rednews)