ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පනවා තිබූ වාරණ නියෝගය ලබන 29 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (09) නියෝග කළා.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් ඉදිරිපත් කළ පෙත්සම අද කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ යළි කැඳවනු ලැබුවා.
එහිදී නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ගොනු කරන ලෙස දිසා විනිසුරුවරයා විසින් වගඋත්තරකරුවන්ට නියෝග කළා.