මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයට පිස්තෝල රැගෙන ආ පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ (03) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වික්ටෝරියා පොලිසිය පැවසුවේ කාල්ටන් සහ කොලින්වුඩ් තරඟය අතරතුර ඊයේ රාත්‍රී 8.30 ට පමණ ක්‍රීඩාංගනයෙන් පිටවීම ඔවුන් ප්‍රතික්ෂේප කළ බවයි.
ඒ සැකකරුවන්ගේ නොමනා හැසිරීම මත ඔවුන්ට ක්‍රීඩාංගනයෙන් ඉවත්වෙන ලෙස MCG ආරක්ෂකයින් දැනුම්දීමෙන් අනතුරවයි.
පසුව නිලධාරීන් විසින් මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී උණ්ඩ පිරවූ පිස්තෝලයක් සොයාගෙන තිබෙනවා.
ඔවුන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.