පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවෙක් සිදුකළ අනාවරණයකට අනුව T56 ගිනිඅවි සඳහා භාවිත කරන ජීවඋණ්ඩ 50ක් සහ තියුණු ආයුධයක් සොයාගැනීමට අතුරුගිරිය පොලීසිය සමත්වී තිබෙනවා.

එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 12වනදා අතුරුගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 100ක් සමඟයි.

පසුව සැකකරු රඳවා තබාගැනීමේ නියෝග යටතේ රඳවාගෙන සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වූ තොරතුරු මත ඊයේ (17) දින මෙම ජීවඋණ්ඩ සහ තියුණු ආයුධය සොයාගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 25ක් වන අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අතුරුගිරිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *