ඊයේ (03) රාත්‍රියේ ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ කෙනෙරක් ගැටී තිබෙනවා.
ඒ හබරණ, පළුගස්වැව අතර දුම්රිය මාර්ගයේ 128 භාග කණුව අසල ප්රදේශයේදීයි.
මෙලෙස දුම්රියේ ගැටී ඇත්තේ වයස අවුරුදු 20ක් පමණ වන කෙනෙරක් බවයි වාර්තා වන්නේ.
වනජීවී නිලධාරීන් සඳහන් කළේ දුම්රියේ ගැටුණු වන අලියාගේ ඉදිරි දකුණු පාදය කැඩී ගොස් ඇති අතර අද (04) දහවල් පණ්ඩුල ගම පශු වෛද්‍ය ඒකකය විසින් වන අලියාගේ පාදයට ප්‍රතිකාර කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි.