ශ්‍රී ලංකාවේ ජනගහනය පුද්ගලයන් 21,763,170 ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ශ්‍රී ලංකාවේ ජනගහනය 2012 වසරේ සංගණයෙන් වාර්තා වූ පුද්ගලයන් සංඛ්‍යාවට වඩා මෙවර සංගණනයේදී 1,403,731 ක වැඩිවීමක් ප්‍රදර්ශනය කරන බවත් 2012 සහ 2014 කාලය තුළ ජනගහනයේ සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතය සියයට 0.5 ක් බවයි.

මේ අතර වැඩිම සාමාන්‍ය වර්ධන වේගයක් වාර්තා වී ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයෙන් වන අතර එය 2.23ක් ලෙසද සටහන් වී ඇති අතර අවම සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයක් වාර්තා වී ඇත්තේ වවුනියා දිස්ත්‍රික්කයෙන් වන අතර එය 0.001ක් ලෙසද වාර්තා වී තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ජන හා නිවාස සංගණනයේ (2024) මූලික වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ ජනගහනය මෙසේ යාවත්කාලීන කළ බවත් එම සංගණනයේ මූලික වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායකට භාරදුන් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *