ලොව පුරා සිටින ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගි වන International Masters League 2025 ක්‍රිකට් තරගාවලිය අද (22) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

එහි පළමු තරගය ලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගය ඉන්දියාවේ නවී මුම්බායිහි DY Patil Sports Academy ක්‍රීඩාංගනයේදී අද රාත්‍රී 7.30ට පැවැත්වීමට නියමිතයි.

සචින් තෙන්ඩුල්කාර්, බ්‍රයන් ලාරා, කුමාර් සංගක්කාර, යුවරාජ් සිං, ක්‍රිස් ගේල්, කෙවින් පීටර්සන්, ෂේන් වොට්සන්, ජැක් කලිස්, ජොන්ටි රෝඩ්ස් සහ ඔයින් මෝගන් ඇතුළු දැවැන්ත ක්‍රිකට් තරු රැසක් මෙම International Masters League 2025 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන බවයි සඳහන් වන්නේ.

මෙම තරගාවලියේ ලීග් අදියරේදී මුළු තරග 15ක් පැවැත්වෙන අතර, අවසන් පූර්ව තරග දෙක පිළිවෙලින් මාර්තු 13 සහ 14 යන දිනවලදී ද, අවසන් තරඟය මාර්තු 16වන දින රායිපූර් හි ෂහීඩ් වීර් නාරායන් සිං ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීද පැවැත්වීමට නියමිතයි‍.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *