ප්‍රධාන පක්ෂ කිහිපයක් විවිධ ස්ථානවල අද මැයි දින රැළි සහ පෙළපාලි සංවිධානය කර තිබෙනවා.

එහිදී ජාතික ජන බලවේගයේ ප්‍රධාන මැයි රැළිය පස්වරු 3.30 ට පැවැත්වෙන්නේ පක්ෂයේ නායක , ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි.

කොළඹ ගාලු මුවදොර පිටියේදී එය පැවැත්වීමට නියමිත අතර ඒ , රට හදන ජන බලය පෙළගැසෙන මැයි රැළිය යන තේමාවෙනි.

සමගි ජන බලවේගයේ ප්‍රධාන මැයි දින රැළිය අද තලවකැලේ නගරයේදී පැවැත්වීමට මේ වන විට සියල්ල සූදානම් කර තිබෙනවා.

එය පැවැත්වෙන්නේ පක්ෂයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.

‘ගම දිනවන සටනට කම්කරු බලය’ යන්න මෙවර එහි තේමාවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ මැයි දින රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී අද පැවැත්වෙනවා.

ඒ, පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

එක්සත් ජාතික පක්ෂය මැයි දින රැළියක් සංවිධානය කර නොමැති බව සඳහන් කළා.

නමුත් එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ මැයි දිනය වෙනුවෙන් සෑම ඡන්ද කොට්ඨාශයකමදීම, පළාත් පාලන ඡන්දය පිළිබඳ තම පාක්ෂිකයින් දැනුවත් කිරීමේ ජන හමු මාලාවක් සංවිධානය කර ඇති බවයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි රැළිය අද පස්වරුවේ කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇතැයි, එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ප්‍රකාශ කළා.

කොළඹ නගරයේ පමණක් අද සංවිධාන කර ඇති පෙළපාළි, රැස්වීම් හා සැමරුම් උත්සව සංඛ්‍යාව 15ක්.

මැයි රැළි සඳහා සුදුසු පරිදි ආරක්ෂාව සලසන්නැයි පොලිසියට උපදෙස් දී තිබෙනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *