ජපාන ආරක්ෂක අමාත්‍ය Gen Nakatani අද (04) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී තිබෙනවා.

මෙහිදී ආරක්ෂක කටයුතු සහ කලාපීය ආරක්ෂාව යන ක්ෂේත්‍රවල ජපානය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.

ඉන්දු-පැසිෆික් කලාපය පුරා සාමය සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා වන සහයෝගී උත්සාහයන් සඳහා ජපානයේ කැපවීම ජපන් ආරක්ෂක අමාත්‍යවරයා යළි තහවුරු කළා.

එමෙන්ම සමුද්‍රීය ආරක්ෂාව සහ කලාපීය සම්බන්ධතාවයන් හිදී ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වැදගත්කම ද අමාත්‍යවරයා එහිදී අවධාරණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *