දිවයිනේ බොහෝ ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එමෙන්ම බස්නාහිර, දකුණු සහ වයඹ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *