ඉන්ධන බෙදුම්කරුවන්ට මෙතෙක් ලැබුණු කොමිස් මුදල කප්පාදු කිරීම සම්බන්ධයෙන් එළඹෙන 18වනදා පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී ඛනිජ තෙල් සංස්ථාව දක්වන ප්‍රතිචාරය අනුව ඉදිරි ක්‍රියාමාර්ගය තීරණය වන බව එම සංගමයේ උප සභාපති කුසුම් සදනායක පවසනවා.

ඔහු සඳහන් කළේ බනිජ තෙල් සංස්ථාව හඳුන්වාදී තිබෙන නව සමීකරණයට අනුව 3%ක්ව පැවති කොමිස් මුදල 1.6%ක් දක්වා අඩු කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡාවේදී ඛනිජ තෙල් සංස්ථාවෙන් සාධනීය පිළිතුරක් ලැබෙන බව බලාපොරොත්තුවෙන් සිටින බවත් නොලැබුණහොත් අධිකරණය ඉදිරියට යන්නේද එස්සේ නැතහොත් වෙනත් ක්‍රියාමාර්ග ගන්නේද යන්න තීරණය කිරීමට සිදුවන බවත් කුසුම් සදනායක වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *