සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කළා.

ඒ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ පසුගිය කන්නවල ප්‍රමාණවත් ලෙස වී නිෂ්පාදනය සිදු වුවද එය වෙළඳපොළට පැමිණ නොමැති බවයි.

ඒ අනුව පවතින තත්ත්වය කළමනාකරණය කරගැනීම සඳහා සහල් ආනයනය කිරීම සිදුකරන බවත් උත්සව සමය සඳහා හිඟයකින් තොරව සහල් ලබා ගැනීමට හැකිවන පරිදි කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *