අවි පෙන්වා බියගන්වා රුපියල් කෝටි 06කට අධික වටිනාකමකින් යුත් නිල් මැණික්, රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑමකට සම්බන්ධ පුද්ගලයන් 9 දෙනෙක් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ නොවැම්බර් 10වනදා ලග්ගල පොලිස් වසමේදී සිදුවූ කොල්ලකෑමක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි.

මාවතගම හා පොල්පිතිගම පොලිස් වසම්වලදී මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් විසින් කොල්ලකන ලද රුපියල් කෝටියකට අධික මුදලක්, රන් පවුම් 07ක් සහ අපරාධය සඳහා භාවිතා කළ සෙල්ලම් පිස්තෝල 02ක්, පිහියක් සහ වෑන් රථයක්ද පොලීසිය සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *