මියන්මාර භූමිකම්පාවෙන් දිවි ගලවා ගත් තවත් පිරිසක් සුන්බුන් අතර සිට බේරා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කළේ මියන්මාරයේ ඇති වූ රික්ටර් මාපකයේ 7.7 ක ප්‍රභල භූමිකම්පාවෙන් පුද්ගලයින් 1,700 ක් මිය ගිය බවයි.

පැය 60 කට පමණ පසුව තවත් පුද්ගලයින් හතර දෙනෙකු සුන්බුන් අතරින් බේරා ගැනීමට සහන කන්ඩායම් වලට හැකිව තිබෙනවා.

මේ අතර තායි අගනුවර වන බැංකොක්හි මියගිය සංඛ්‍යාව 18 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉදිවෙමින් පවතින උස් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් කම්කරුවන් 76 දෙනෙක් තවමත් අතුරුදහන්ව සිටින බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *