නයිජීරියාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් මාලාවකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම ප්‍රහාර හේතුවෙන් තවත් පුද්ගලයන් 30 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ.

කාන්තාවන් පිරිසක් විසින් එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව එල්ල කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

නමුත් ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිඳු සංවිධානයක් විසින් භාරගෙන නැති බව සඳහන්.

මියගිය සහ තුවාල ලැබූවන් අතර කාන්තාවන් සහ ළමුන් ද වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *