ඖෂධ ක්ෂේත්‍රයේ ගැටලු, දෝෂ නිරාකරණයට සහ නිවැරදි කිරීම වෙනුවෙන් පෙනී සිටින සියලු සේවකයන්ව ධෛර්වත් කිරීමට හා ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ නාරාහේන්පිට මෙහෙවර පියස කාර්යාල සංකීර්ණයේ පිහිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ඖෂධ ක්ෂේත්‍රය වර්තමානයේ ලොව අධික ලාභ උපයන ව්‍යාපාරයක් මෙන්ම ජාවාරමක් බවටද පත්ව ඇති බවයි.
ඖෂධ සැපයුම් ජාලය සහ එහි වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳවත් ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ ඖෂධ බෙදාහැරීමේ වැඩපිළිවෙළ පිළිබඳවත් ඉදිරියේදී එම කටයුතු වර්ධනය කරගත යුතු ආකාරය පිළිබඳවත් අමාත්‍යවරයා එහිදී පාලන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා.