විත්තිකාර නිර්වින්දන වෛද්‍ය වරයෙක් තමන් අසනීපයැයි අධිකරණයට ඉදිරිපත් කළ අසත්‍ය වෛද්‍ය වාර්තාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහාධිකරණය අද (23) නියම කළා.

ඒ ලබන 13වනදා දක්වායි .

තීරුබදු බලපත්‍රවලට විදෙස් රටවල් වලින් වාහන ගෙන්වා දෙන බව පවසා වෛද්‍යවරුන්ගෙන් මුදල් ලබාගෙන , සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්දයෙන් ඔහුට එරෙහිව නඩුවක් නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙනවා.

එම නඩුව පසුගියදා කැදවූ අවස්ථාවේදී ඔහු අධිකරණය ඉදිරියේ පෙනී නොසිට අසත්‍ය වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් ඔහුව ලබන 13වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට තීරණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *