ශ්‍රී ලංකාව සඳහා වන ඇමරිකා එකසත් ජනපදයේ නව අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී එරික් මේයර් (Eric Meyer) පත් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
ධවල මන්දිරය විසින් මෙම පත් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මොහු ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයා ද වනවා.
ඒ අනුව ජූලි ජේ. චුන්ග්ගේ පුරප්පාඩු වන ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති තනතුරට එරික් මේයර් පත්වී තිබෙනවා.