2025 වසරේ පළමු ප්‍රධාන උල්කාපාත වර්ෂාව අද (03) රාත්‍රියේ දී දැක ගැනීමට හැකි බව අභ්‍යවකාශ විද්‍යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසනවා.

ඔහු සඳහන් කළේ එම උල්කාපාත වර්ෂාව Quadrantids නමින් හැඳින්වෙන බවයි.

එය දෙසැම්බර් 28වනදා සිට ජනවාරි 12වනදා දක්වා අතර කාලයේදී සක්‍රීයව පවතින බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එහි උපරිම අවස්ථාවට පත්වන්නේ අද දිනයේදී වන අතර හෙට (04) අලුයම 5.00ට පමණ ඊසාන දිග අහසේ මෙම උල්කාපාත වර්ෂාව හොඳින් දැක ගැනීමට හැකියාව ලැබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *