ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන විභාග සැලැස්ම ලබන වසරේ සිට පෙර පැවැති පරිදි සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීමට හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර අගමැතිවරියගෙන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින්.

එහිදී අගමැතිනිය වැඩිදුරටත් කියා සිටියේ 2026 වර්ෂයේ සිට කොවිඩ් ආරම්භයට පෙර පැවැති ආකාරයට විභාග නිසි කාලය තුළ සිදු කිරීමට හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *