යුක්‍රේනය සමඟ පවතින යුද ගැටුම්වලදී රුසියානු හමුදාවට සහාය වීම සඳහා හමුදා කණ්ඩායම් යොමුකර ඇති බව උතුරු කොරියාව පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගේ නියෝගයකට අනුව එම හමුදා කණ්ඩායම් යොමු කර ඇති බවයි.

එමෙන්ම රුසියානු හමුදාවන්ට සහය වීම සඳහා උතුරු කොරියාව හමුදා කණ්ඩායම් යවා ඇති බවට ඔවුන් විසින් ප්‍රකාශ කර ඇති පළමු අවස්ථාව මෙය බවද සඳහන් කළා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ උතුරු කොරියානු සොල්දාදුවන් පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිටි යුක්‍රේනය රුසියානු යුද ගැටුම් සඳහා යොදවා ඇති බවයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *