2024 නොවැම්බර් මාසයේ පළමු සති දෙක තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේ නොවැම්බර් 1 වනදා සිට 17 වනදා දක්වා විදෙස් සංචාරකයන් 103,315ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.
ඒ අතරින් බහුතර සංචාරක පිරිසක් ඉන්දියාව, යුරෝපය, අමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව යන රටවලින් මෙරටට පැමිණ තිබෙනවා.
2023 වසරේ නොවැම්බර් මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 108,080ක්.