රත්නපුර ශික්ෂණ රෝහලේ ඩෙංගු වැළඳුණු සෞඛ්‍ය සේවකයින් සංඛ්‍යාව 166 දක්වා ඉහළ ගොස් ඇති බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පවසනවා.
එමෙන්ම ඔහු කියා සිටියේ ජනවාරි සිට මේ දක්වා රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1,465ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
වසරේ ගතවූ කාලය තුල මෙරටින් වාර්තාවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 14,600කට අධික බ වෛද්‍ය කපිල කන්නන්ගර කියා සිටියා.
එමෙන්ම් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ කොළඹ, ගම්පහ, කළුතර හා රත්නපුර දිස්ත්‍රික්ක වලින් බවද ඔහු කියා සිටියා.
(rednewsalert.lk)